Saturday, September 3, 2016

                                               නමුණුකුල









ශ්‍රී ලංකාවේ කඳු පන්ති අතර උසින් 12 වැනි ස්ථානයට හිමිකම් කියන නමුණුකුල කඳු පන්තිය මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්හි පිහිටා ඇත. උස අඩි 6677 (2011.7 m) ක් වූ මෙම කඳු පන්තියෙහි උස්ම ස්ථානය නමුණුකුල කන්ද ලෙසින් ගම්වාසීන් හඳුන්වයි.
නමුණුකුල තරණය කිරිම සඳහා බදුල්ල, ඇල්ල හරහා නමුණුකුල සහ බදුල්ල - පස්සර මාර්ගයෙහි 2 කණුව හෝ 10 කණුව හරහා නමුණුකුල ලෙසින් පිවිසුම් මාර්ග කිහිපයක් ඇත. නමුත් අතරින් ස්වභාව සෞන්දර්ය අතින් පොහොසත්ම වනගත මං පෙත වනුයේ බදුල්ල, ස්ප්‍රිංවැලි, මීමලේ හරහා නමුණුකුල තෙක් දිවෙන මාර්ගයයි.
කොළඹ සිට කිලෝමීටර් 238 ක් පමණ දුරින් පිහිටි බදුල්ල නගරය වෙත පිවිසීම සඳහා ආසන්න වශයෙන් පැය 6 ක පමණ කාලයක් ගත වේ. ගමන සුවපහසුව නිමා කිරීමට හැකිවන සේ බස් රථ අංක 99 නැතිනම් කොළඹ - බදුල්ල හෝ කොළඹ - පස්සර ගමන් මාර්ගය අධි සුඛෝපභෝගී බස් රථ සේවාවකින්පවා සමන්විත වේ. එතැන් සිට බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොළෙහි ප්‍රථම අංගනයෙන් ස්ප්‍රිංවැලි හරහා මීමලේ ගම්මානය තෙක් ධාවනය වන බස් රථයකට ගොඩවී ගමනෙහි ඉතිරිය සම්පූර්ණ කිරීමට සිදුවේ. බදුල්ල නගරයෙහි සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 15 ක් පමණ දුරකින් පිහිටි මීමලේ ගම්මානය වෙත පිවිසීමට ගත වන්නේ පැය 1/2 ක පමණ කෙටි කාලයකි.
උෟව වෙල්ලස්ස සරසවි සිසුන් මෙහි අාරක්ෂාව වෙනුවෙන් මැදිහත් වී අැති බව පෙනුණි.වන සංරකෂණ දෙපාර්තමෙීන්තුව විසින් සංරක්ෂණය කල යුතු ජෙෙව කලාපයක් බව අපගේ හැගීමයි.'
මෙහි සංචාරය කරන ඔබ රැගෙන යන පොලිතින් හා ප්ලාසටික් නැවත රැගෙන ඒ්ම මගින් ඒහි ජෙෙවවිවිධත්වය තවදුරටත් අාරක්ෂා කරගත හැකිය.

No comments:

Post a Comment