Wednesday, January 27, 2016
දෙනෙත් හරින්න !: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලි...
දෙනෙත් හරින්න !: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලි...: ශ්‍රී ලංකාවේ ථේරවාදී භික්‌ෂූන්ගේ නිකාය හෝ පාර්ශ්වයන්ට අදාල කතිකාවත් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා ද (සෑම භික්‌ෂූන් වහන්සේ නමක් විසින් ...
Tuesday, January 26, 2016
Thursday, January 21, 2016
Monday, January 18, 2016
Law Student: පරිසර සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය-
Law Student: පරිසර සංරක්ෂණය හා තිරසාර සංවර්ධනය-: පරිසර සංරක්ෂණය සහ තිරසාර සංවර්ධනයේ මූලධර්ම : ශ් රී ලාංකීය නිදර්ශන ඇසුරින් විවරණයක් - අංජානි ලීලාරත්න - - නීති ඒකකය , මධ්...
Friday, January 15, 2016
Wednesday, January 13, 2016
https://www.facebook.com/notes/seven-fall-protection-programe/%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B6%BD-%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B7%8A-%E0%B6%85%E0%B7%90%E0%B6%BD%E0%B7%92-07-%E0%B7%83%E0%B7%84-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%93-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E0%B6%BA/513214438861595

Tuesday, January 12, 2016
සංරකෂණය පිළිබද සමාජ වගකීම
https://www.facebook.com/notes/seven-fall-protection-programe/
http://www.thepetitionsite.com/866/196/816/save-seven-fall-at-samanala-adaviya/
https://www.facebook.com/Sripada-
- ලංකාව තුල ඒක් පිරිසක් පරිසරයට අාදරය කිරීමත් තවපිරිසක් ඒය විනාශ කිරීමත් පැහැදිලිව දැක ගත හැක.අප බිම දමන ටොෆි කොළයක සිට සැප අරන් හවසට බීල විසිකරන බියර් කෑන් අරක්කු බාේතලයේ සිට පරිසරය වනසන්නට ලබාදෙන සෘජු බලපෑම සුළුපටු නොවෙී. කසල ප්‍රතිචක්‍රීකරන ක්‍රමවෙීදයක් ක්‍රියාත්මක අායතන අැත්තේ 1%ත් අඩුවෙනි.මිනිසුන් පීඩාවට පත් කරන නීති කොතෙක් ක්‍රියාත්මක උවද බීර සමාගම් වලට අරක්කු සමාගම් වලට හා වීදුරු හා පොලිතින් බහුලව පරිසරයට මුදා හරින සමාගම් සදහා ප්‍රතිපත්තිමය වශයෙන් ලබාදී අැති නිදහස වැඩිය ඔවුන්ගේ නිශ්පාදන පරිසරයට ඒකතු වීම වැලැක්වීමෙී ක්‍රියාවලියකට ඔවුන් යොමු කල යුතුය. ඒබැවින් පරිසර සමූහයන් තුල සාමාජිකත්වය ලබා මතුපිටින් දකින පිංතූරයට කමෙන්ට් කරන අය අප දැක අැත උග්‍ර පරිසර ?සහිත පෝස්ට් වලට වෙරි නයිස් /බියුටිෆුල් යැයි පවසනු අප දැක අැත.අප කථා කලයුත්තේ කුමක්දැයි සොයා බලාය.ලයික් කරනු වෙනුවට වචනයකින් හෝ සංවාදයේ යෙදීම තුල සමාජ කතිකාවක් ගොඩනැගිය හැක. පුද්ගලිකත්ව කාරණා විසදා ගැනීමට උසාවීයට යන මිනිසා සමස්ථයටම බලපාන ප්‍රශ්න කව්රුන් හෝ විසදා දෙන තුරු බලා හිදී ඒය සංරකෂණයට ප්‍රබල බාධාවකි.......මොහොතක් සිතන්න........ඔවුන් වනසන්නේ රටෙී අනාගතයයි........නූපන් පරපුරේ හුස්ම පොදයි.........
ජලාපෝෂිතල වනාන්තර නසමින් කුඩා විදුලි බලාගර 108 ඉදිකිරීම නැවතත්
ජලාපෝෂිතල වනාන්තර නසමින් කුඩා විදුලි බලාගර 108 ඉදිකිරීම නැවතත්
සිංහරාජයේ කොස්ගුලනල ලක්ෂපාන දිය ඇල්ලල ඇලි හත පමණක් නොව තවත් වනාන්තර වීනාශ කරමින් කූඩා විදුලි බලාගාර ඉදිකිරීමෙන් නොනැවති ජාතික භෙෘති කසැලැස්ම අනුකූලව බලශක්ති මධ්‍යස්ථානයක් බවට මෙරටට පත් කිරීමට නව ගල් අගුරු බලාගාර මෙන්ම විවිධ තිරසාර නොවන ක‍්‍රම ගනනාවකට රජය මෙිවන විට අතගසා ඇත.
ඒ අනුව දිය ඇළි , ගංගා ජල පේාෂිත ප‍්‍රදේශ හා අනෙක් ජල මූලාශ‍්‍ර අශ‍්‍රිතව කුඩා විදුලි බලාගාර 108 ඉදිකිරීමට බලශක්ති අමත්‍යංශය මේ වන විට සැළසුමි සකස්කර ඇත. පවිත‍්‍රාදේවි වන්නිආරචිචි හිටපු ආමාත්‍ය වරිය විසින් මෙම ප‍්‍රතිපත්තිය සකස්කල අතර පාඨලී චමීපික රණවක අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මෙිවනවිට සිදූකරගගනු යනු ලබයි.

රනිල බෝගවල අස්‌වැන්න වැඩි කරන ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ජෛව පොහොර
ලෝකයේ හෙක්‌ටයාරයකට වැඩි ම කෘෂි රසායනික යොදන රට වන ශ්‍රී ලංකාව ලොව 8 වැනියට හෙක්‌ටයාරයකට වැඩි ම රසායනික පොහොර යොදන රටයි. මෙසේ ඉවක් බවක් නොමැති ව කෘෂි රසායනික සහ පොහොර යෙදීම නිසා ශ්‍රී ලංකාවේ ශාක, සත්ත්ව සහ මිනිස් ප්‍රජාව මුහුණ දෙන ගැටලු අලුතින් විස්‌තර කිරීමට වුවමනා නැත. සෞඛ්‍යයට තර්ජනයක් වන රෝග, පස නිසරු වීම, ශාක ජෛව විවිධත්වය විනාශ වීම සහ පානීය ජල මූලාශ්‍ර අපිරිසිදු වීම ඉන් ප්‍රධාන ය. එම නිසා වර්තමාන කෘෂි පර්යේෂණ අංශයේ ප්‍රධාන අවධානයක් යොමු වූ මාතෘකාවක් බවට පරිසර සහ මිනිස් හිතකාමී ජෛව පොහොර වර්ග නිපදවීම පත් වී ඇත.
මෙවන් යුගයක රනිල භෝගවල අස්‌වැන්න සැලකිය යුතු මට්‌ටමකින් වැඩි කළ හැකි රයිසෝබියා ආමූකුලක (Rhizobium Inocullant) හෙවත් "රනිලසාර" නම් පරිසර හිතකාමී ජෛව පොහොර වර්ගයක් සාර්ථක ව අත්හදා බැලීමට ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය එස්. ඒ. කුලසූරිය මහතා සහ ඔහු ගේ පර්යේෂණ කණ්aඩායම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සමත් ව සිටී.
රයිසෝබියා යනු රනිල කුලයේ ශාකවල මූල ගැටිති සාදන පාංශු ක්‌ෂුද්‍රජීවීන් කාණ්‌ඩයකි. මේ රයිසෝබියා විසින් වායු ගෝලයේ ඇති නයිට්‍රජන් රනිල ශාකවලට තිර කර දේ. සෝයා, මුං, කව්පි, රටකජු සහ පරිප්පු වාණිජමය වටිනාකමක් සහිත රනිල කුලයේ ශාක ය. තව ද උදුපියලිය, Alfalfa, Centrosema, Pueraria, Calopogonium සහ Stylosanthus වැනි ශාක පශු සම්පත් කර්මාන්තයේ බහුල ව ශාක ආහාර ලෙස භාවිත කරන රනිල කුලයේ ශාක විශේෂ වේ. මෙවැනි වාණිජමය වටිනාකමක් සහිත රනිල කුලයේ ශාකවලට කාර්යක්‌ෂම රයිසෝබියා ආමුකුලකයක් (රනිල සාර) නිපදවුව හොත් රනිල ශාකවලට වායුගෝලයේ ඇති නයිට්‍රජන් ම`ගින් තම නයිට්‍රජන් අවශ්‍යතාව සපුරාගත හැකි වන නිසා රනිල භෝගවලට කෘත්‍රිම නයිට්‍රජන් පොහොර යෙදීම අඩු කරගත හැකි වේ. මේ අභියෝගය භාරගත් මහාචාර්ය එස්. ඒ. කුලසූරිය මහතා සහ ඔහු ගේ පර්යේෂණ කණ්‌ඩායම විසින්, මුල් කාලයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ එම පර්යේෂණ සිදු කර පසුව එම පර්යේෂණ ව්‍යාපෘතිය වඩා පහසුකම් සහිත ජාතික මූලික අධ්‍යයන ආයතනයට වර්ෂ 2011 දී රැගෙන එන ලදි.
වර්තමානයේ දී මේ ව්‍යාපෘතිය ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සහයෝගී සහ උපදේශන අංශය යටතේ ක්‍රියාත්මක වන අතර වාණිජමය වටිනාකමක් සහිත විවිධ රනිල කුලයේ භෝග සහ තණකොළ වර්ග සඳහා නිර්මාණය කරන ලද රයිසෝබියා ආමූකුලක නැත හොත් රනිල සාර විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නො වන සංවිධානවල සහයෝගය සහිත ව ක්‍ෂෙත්‍ර පර්යේෂණවලට ලක් කර ඇත.
සෝයා වගාව සඳහා නිර්මාණය කරන ලද රනිල සාර මේ පර්යේෂණවල ඉතා සාර්ථක ජෛව පොහොරකි. එය ලොව ප්‍රථම කොහු බත් මිශ්‍ර රයිසෝබියා ආමූකුලකය ලෙස ඉතිහාසගත වී ඇත. මේ රනිල සාර වසර කිහිපයක් ම ක්‍ෂෙත්‍ර පරීක්‌ෂණවලට ලක් කර ඇති අතර එහි ප්‍රතිඵල අපේක්‌ෂිත ප්‍රතිඵල වලට වඩා ඉහළ විය. නයිට්‍රජන් පොහොර වෙනුවට රනිල සාර යෙදූ සෝයා වගාව ඉතා සාර්ථක වූ අතර සෝයා අස්‌වැන්න 10%කින් පමණ ද වැඩි වී තිබිණි. අද වන විට අක්‌කර 10,000ට අධික සෝයා වගාවක් මේ ජෛව පොහොර යොදමින් රසායනික නයිට්‍රජන් පොහොර රහිත ව සාර්ථක ව වගා කරනු ලැබේ.
පිටරටින් ආනයනය කරන ලද රතු සහ සුදු උදුපියලිය ශ්‍රී ලංකාවේ කිරි ගොවිපළවල හරකුන්ට පෝෂ්‍යදායි ආහාරයක් ලෙස වගා කරනු ලැබේ. මේ තෘණ වගාව සඳහා විශාල වශයෙන් යූරියා පොහොර එකතු කරන අතර එම`ගින් පශු සම්පත් අංශයේ නිෂ්පාදන වියදම වැඩි වේ. එම`ගින් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වන ප්‍රධාන ගංගාවල පිරිසිදු පෝෂක ප්‍රදේශ ද (watersheds) විනාශ වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තෘණ බිම්වල වගා කරන රනිල ශාකවල නයිට්‍රජන් තිර කිරීම අධ්‍යයනය කළ මහාචාර්ය එස්. ඒ. කුලසූරිය මහතා සහ ඔහු ගේ පර්යේෂණ කණ්‌ඩායම විසින් ලංකාවේ විශාලතම කිරි ගව පට්‌ටියක් වන අඹේවෙල ගොවිපොළ තුළ රයිසෝබියා ආමූකුලක ක්‍ෂෙත්‍ර පරීක්‌ෂාවන්ට ලක් කරන ලදි. සති 15 සම්පූර්ණ වූ තෘණ බිම්වලින් ලබාගත් දත්ත අනුව රසිසෝබියා ආමූකුලක භාවිතය ම`ගින් නයිට්‍රජන් පොහොර භාවිතය සම්පූර්ණයෙන් ම නතර කිරීමට පමණක් නො ව වෙනදාට වඩා වැඩි අස්‌වැන්නක් ද ලබාගැනීමට ද හැකි වී ඇත. පර්යේෂණ කණ්‌ඩායම තවදුරටත් මේ අමූකුලකය අඹේවෙල ගොවිපොළ තුළ ක්‍ෂෙත්‍ර පරීක්‌ෂාවන්ට ලක් කරන අතර එහි ප්‍රතිඵල සාර්ථක වෙමින් පවතියි.
පර්යේෂණ කණ්‌ඩායමේ මීළඟ ඉලක්‌කය වන්නේ දැනට නිපදවා ඇති සෝයා රනිල සාරවල කාර්යක්‌ෂමතාව වැඩි කිරීම සහ මුං, කවුපි, රටකජු, සහ උඳු සඳහා නව රනිල සාර නිපදවීමයි. දැනට වසර ගණනාවක ක්‍ෂෙත්‍ර පරීක්‌ෂාවන් සාර්ථක වූ රයිසෝබියා ආමූකුලක නැත හොත් රනිල සාර වාණිජමය මට්‌ටමින් නිපදවීම ජාතික මූලික අධ්‍යයන ආයතනය විසින් ආයතනයේ අයිතිය සුරකිමින් පෞද්ගලික ආයතනයකට පිරිනමනු ලැබ ඇත. මෙවැනි අතිශය සාර්ථකත්වයට පත් පරිසර හිතකාමී දේශීය ජෛව පොහොර ප්‍රචලිත කර, ගොවීන් එම පොහොර භාවිතයට උනන්දු කරවීම සහ අවශ්‍ය පහසුකම් සැලසීම රජයේ වගකීමකි. එම`ගින් රසායනික පොහොර නිසා පීඩා විඳින පරිසරය මෙන්ම මිනිසුන් ගේ ද අනාගතය සුරක්‌ෂිත වන අතර ශ්‍රී ලාංකීය පර්යේෂකයන් මෙවැනි ජාතික වැදගත්කමකින් යුත් පර්යේෂණවල නියෑළීම ධෛර්යවත් කිරීම ද සිදු වේ.
(මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ බාහිර පර්යේෂණ මහාචාර්ය සහ සහයෝගී හා උපදේශන අංශයේ සම්බන්ධීකාරක මහාචාර්ය එස්. ඒ. කුලසූරිය මහතා සමග සාකච්ඡා කර සැකසූ ලිපියකි).
ප්‍රදීප් පියතිලක
සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී
විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාපෘති ඒකකය
ජාතික මූලික අධ්‍යයන ආයතනය
මහනුවර

දැරණියගල;දේශපාලනය;පිහිණුම් තටාක;අැළි හත;කටු පොල් හා හෙට දවස
දැරණියගල;දේශපාලනය;පිහිණුම් තටාක;අැළි හත;කටු පොල් හා හෙට දවස
දැරණියගල
සමන් දෙයියන්ගෙ රට යැයි පුරාතන ගැමියන් හැදින්වූ කලාපයේ ප්රධාන නගර වලින් ඒකකි.සබරගමු පළාතේ කැගල්ල දිස්ත්රික්කයේ විශාලම භූමි ප්රමානය හිමි ප්රදේශය වෙී.දැරණියගල ලංකාවෙී ප්රධාන සමන් දේවාල 04න් ඒකක් පිහිටා අැති රාවණා යුගයක ඉතිහාසගත සාධක සහිත පුණ්ය භූමියක් වන අතර පසෙකින් ශ්රී පාද පුද බිමද අනෙක් පසෙකින් සමනල අඩවියේ හදවත බදු අැළි හතද දිස් වෙන සේ නැගෙන හිර රාජුරුවාගල;බල්ළා හෙල ගල අහසේ පායා මුතුපාන අැල්ළ අසලින් සැගව යයි මෙී ප්රධාන කදුවලින් අාරකෂකා වූ හෙයින් කදු මැද නුවරනම් විය.
ලිඛිත ඉතිහාසයේ සදහන් වලගම්භා රජු සේනා සංවිධානය හා සසුන රැකගැන්ම උදෙසා සුවිශේෂි ක්රියාකරකම් වල නියැලි ප්රදේශයකි කුළුබඩු හා දේශිය වෙදකම ප්රචලිතව පැවති භූමිය සුද්දා අපේ රට අාක්රමණයත් සමග උගේ හිතුමනාපේ කා දැමීය.
කේාපි ;තේ;හා රබර් සුද්දා අපට අප වහලුන් කර සැප විදීමට දමා ගියේ ඒවායේ පාලනය ඔවුනට හිතවාදී ගොඩ සුද්දන් රැළකට බාරදී මෙන් අනතුරුවය. ඒහි විපාක අද අප භුක්ති විදින අතර සුද්දා ගෙනා දෙමළ වතුකම්කරුවන් නැවත ඉංදියාවට හෝ සුද්දා සමග අරගල කිරීමෙී පහසුවට කදු කරයට පැමිනි ජනයා නැවත ගොවිබිම් බලාද නාෙගිය අතර සමාජවාදී අරගල දෙකක හා ජාතිවාදී අරගලයක අදුරු මතක වැඩියෙන් තබා ගිය මෑත ඉතිහාසයකි.

දේශපාලනය
දේශපාලනය තුළ රාවණාට නෑකම් කියන සොයා නොගිය ඉතිහාසයක සිට අරගල හා කෝලහාල වලට පන දුන් බිමකි.පසුව යූන්පී යුගයක්ද පසුව වාමාංශිකයැයි කියන්නා වූ යුග දෙකක් ඔස්සේ මාරුවන පිල්මාරුව තුරන් කිරීමට උත්සාහකල විජේවීරට ලොකුම සවිය දුන් ජනතාවක් උන් බිමකි.(මෙය අද ජවිපෙ යැයි හදුන්වන සමහරු හා පෙරටුගාමීන් යැයි හදුන්වා ගන්නා කන්ඩායමට අයට පිම්බීමට නොව)මෙහිදී ඒවකට ඒජාප ප්රාදේශීය දේශපාලුවන්ගේ අත්තනෝමතික පජාති කම නිසා රබර් කර්මාන්ත ශාලා කිහිපයක් ජවිපෙ සාමාජිකයන් නීතියේ රැහැනට හසුවීමෙී ප්රීතියෙන් ගිනි තබා ඒවා ජවිෙප නායකයන් අත්අඩංගුවට ගත් නිසා ජවිපෙ විසින් සිදුකල බවට ජන මතයක් ගොඩ නැගීය.ඒය අදටත් හිස මුදුනින් පිලිගන්නා සමාජයක් වන මෙහි අනිල් චම්පික විජේසිංහ දක්වා නිද්රශිලීව ප්රාදේශීය සභාව පාලනය වූ අතර අනිල් චම්පික විජේසිංහ සභාපතිව සිටියදී විසිරවූ ප්රාදේශීය සභාව වෙනුවෙන් තරග කිරීමෙී අවස්තාව නොදෙන තැනට රාජ පක්ෂ පාලනයේ සුසිල් ප්රේමජයන්ත නම් මහින්ද සගයා ඒතනට තමන්ගේ නෑදෑයෙකු යෙදවීය.අනුර විජේසූරිය වන ඔහු ඉන් පසු දැරණියගල ප්රාදේශිය සභාවේ සභාපති විය.ගමීෙ කම දිනවන්න ගොස් රංජිත් පොල්ගම්පලගේ මනාපටික පිටස්තරයන් දිනාගත්තේය.අනිල් චම්පිකගේ මුදා නොගත් පෙදෙසේ අාරකෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදීය අවසානයේ දැරණියගල අාරක්ෂාව කොතරම් ප්රභලද කිවහොත් සමනල අඩවිය දැරණියගල සීමාව තුල වල්ලා පට්ට පැලයක් වත් ඉතිරී වී නැත;මුලක් හෝ ඉතිරි කර නැත්තේ සාක්ෂි ඉවත් කිරීමට විය යුතුය.ඔවුන්ගේ අාගමනය නිසා අැළි හත රැකුනේද නැත;ප්රසිද්ධ කියමනක් මා අසා අැත ලංකාවෙ කොහේ අකුරට රාජනාරිය කල පොළිස් නිළධාරියෙක් උනත් අසිතගෙ අරක්කු බෝතලේට හිස නමන බවය.අනුර විජේසූරියගේ ප්රාදේශිය සභාවේ සභාපතිවරු බොහෝ විය.අනිල් චම්පික හා ගෝලබාලයන් සේ හැසිරීමට මොවුනට කාලය උදා වූයේ අනිල් චම්පිකව නූරි වතු පාලකයා ඝාතනයේ සැක කරුවෙකු වීමෙන් උදා විය.වර්ථමාන දේශපාලන ප්රවාහේ නිදහස ලැබූ දා සිටම පාර්ලිමෙීන්තුවට මන්ත්රී වරයෙක් යවා ගන්නට දැරණියගල ජනතාව අපොහොසත් විය.ඒහි වාසිය පිටින් පැමිණි දේශපාලුවන් හිස මුදුණින් පිලිගෙන ජනතාවද මුලාකර පරිසරයද විනාශකරයාමට මදකුදු පැකිලුනේ නැත.පිහිනුම් තටාකය
ඒච්.අාර්.මිත්රපාල නම් අවස්ථාවාදී දේශපාලුවා විසින් ඉදිකිරීමට සුදුසු වෙනත් භූමි ප්රදේශ තිබියදී දැරණියගල ක්රීඩාවෙී හදවත බදු සිරි සමන් ක්රීඩා පිටිය මත ඉදිකිරීමට පියවරගත්තේය.මෙය රාජකාරී මට්ටමෙන් විසදා ගැනීමට අප දිස්ත්රික් ලේකම් වරයා දක්වා ගිය අතර ඒච්.අාර්.මිත්රපාල හෘදයාබාද උත්සන්නවී මියෙදෙනු අැතැයි හැගීමෙන් දිස්ත්රික් ලේකම් වරයාගේ රාජ්ය සේවයේ ඒය ඉටු නොවීය.ඒය අදටත් මදුරුවන් බෝකරන මධ්යස්ථානයක් වී හමාරය.තමන් නිට්ඨාවට පරදින බව දුටු මිත්රපාල බලය තහවුරු කිරීමේ උපාය ලෙස දුෂ්මන්ත පාර්ලිමේන්තුවට ඉදිරි පත් කල අතර අප යහ පාලනයක් උදෙසා පත් කර ගත් රජයේ අධිකරන නියෝජ්ය අැමතිකම හිමිවීමම හාසයට කරුණකි.ඒය දූෂණ වංචා නීති ගතකිරීමකට සම කල හැක නීති කඩන පුද්ගලයන් නීතිය පිලිබද අැමති දූර දැරීම සුලුවෙන් තැකිය නොහැක.අැළි 07 දැරණියගල ගැන කතා කරන ඔීනැම අයෙකුට නිතැතින්ම සිහියට නැගෙන තවත් ස්ථානයකි.මෙය දැරණියගල සමනල අඩවියෙන් වෙන්වෙන සීමාවෙී පිහිටා අැති අතර වසර ගනනාවක් තිස්සේ වරින් වර නවත්වන අරඹන කුඩා විදුලි බලාගාර ව්යාපෘතියක් නිසා දැඩි පාරිසරික අවදානමකට ලක්ව අැත.මෙය නිලදාරීන් මුළා කොට බලදාරීන් නොමග යවා අතයටින් සිදුකල මුදල් මාරු හා යාළු හිතවත්කම් රැකුමට දැයෙන් සමුගැනීමට සැරසෙන සුවශේෂී අධි සංවෙදී පරිසර කලාපයකි.මෙය ලොවට සගවන්න ගන්නා උත්සාහය කොතරම් ප්රභලද යත් මෙහි ඒකදු දිය අැල්ලක් හෝ අදවනතුරුත් සංඛ්යා ලේඛණයකට හෝ නාමාවලියකට අැතුලත් කර නොමැත.ඒතරමට වනජීවී දෙපාර්තමෙීන්තුව නිද්රශීලී වීමට කුමන හෝ හේතුවක් තිබිය යුතුය.අජිත්ගෙන් පිහි අැණුමට ලක් වූ ප්රාලේ හැර අන් සියල්ලෝම මුදලට යට වීම ප්රසිද්ධ රහසකි ඒය අැළි 07 ප්රශ්නයේදී දැඩිව දැකගත හැකිවිය.
කටුපොල්
අැමරිකාව වැනි ලෝකයේ කාබන් ඩයොක්සයිඩ් බහුලව පිට කරන රට වල් ඒ වෙනුවෙන් වනාන්තර ලෙස ලෝකයට පෙන්වා අනෙකුත් පරිසර පද්ධති වනාශ කරන ක්රමවෙීදයේ මූලික සංකල්පයයි.මෙය ලෝකයේ රටවල් රැසක පරිසර පද්ධති වනාශ කරන අතර තුර 70 දශකයේ ලංකාවට මුලින්ම හදුන්වා දී පරිසර කලාප කිහිපයක් දැඩි අවධානමකට ලක් කර ඉන් අනතුරුව දැරණියගල වැනි සුවශේෂී ජෙෙව විවිධත්වයකට හිමිකම් කියන භූමියක් විනාශ කිරීමට පැමිණි අති අාක්රමිණික ශාකයකි.මෙය අද මුලිනුපුටා නොදැමුවහොත් අහිංසක ගැමියන්ද රවටා හෙට දවස දැරණියගල කාන්තාරයක් කරනු නොඅනුමානය.හෙට දවස
කොන්ද පනැති දේශපාලන නායකත්වයක් නැත.
පරිසර පද්ධති දැඩි අවදානම් කලාපයක් වනු අැත.
තවදුරටත් කුඩම්මාගේ සැලකිල්ලට බාජනය වනු අැත.
මුදලට යට පොලිසියක් ජංගි ලෙවකන නිලධාරීන් නීතිය හා සාමය රකිණු අැත.
සිරි සමන් ජාතික පාසල දේශපාලන හිතවාදීන්ගේ හා මුල් පදිංචිකාර ගුරු හොරුන්ගේ තිප් පොළ වනු අැත
Monday, January 11, 2016
Saturday, January 9, 2016
Sembrar es Mejorar: PLANT IS IMPROVING
Sembrar es Mejorar: PLANT IS IMPROVING: In sowing is improving we care greatly improve the care of our ecosystem, our main activity is refforestation, we currently have a la...
Thursday, January 7, 2016
දැරණියගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාලිබොඩ ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි ඇලි හතේ මෙගා වොට් තුනක ධාරිතාවයකින් යුත් කුඩා ජල විදුලි බලාගාරයක් නීති විරෝධී ලෙස ඉදිකිරීම මේ වන විට ආරම්භ කර තිබේ.
ඇලි හත යනු ලංකාවේ ඉතාම සුන්දර හා සුවිශේෂී දිය ඇලි අතුරින් ප‍්‍රමුඛත ම දිය ඇල්ලකි. එක දිගට ඇලි හතක් ලෙස ඇඳ හැලෙන මෙය නාය ගෙඟ් පිහිටා තිබේ. සමනල අඩවියෙන් ආරම්භ වී පහළට ඇඳ හැලෙන මේ ගඟ සීතාවක ගඟ හා සම්බන්ධ වී කැළණි ගඟ හා එක් වෙයි.
ඇලි හත පිහිටා ඇත්තේ සමනල අඩවිය ස්වභාව රක්ෂිතය තුළ ය. වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව 2007 සැප්තැම්බර් 7 වන දින අංක 1515/21 දරණ ගැසට් නිවේදනය මඟින් සමනල අඩවියෙන් හෙක්ටයාර 12979 ක වනාන්තර ප‍්‍රදේශයක් සමනල අඩවිය ස්වභාව රක්ෂිතය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. ඒ ප‍්‍රදේශය තුළ ඇලි හත පිහිටා තිබේ. මේ ප‍්‍රදේශය ස්වභාව රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත්තේ එහි පවතින අධික ජෛව විවිධත්වය හා ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙස පවතින ඉතාම සුවිශේෂී වූ වටිනාකම හේතුවෙනි. ඒ හේතුවෙන් ම මේ ප‍්‍රදේශය ඇතුළත් මධ්‍යම කඳුකරය ලංකාවේ දෙවන ස්වාභාවික ලෝක උරුමය ලෙස යුනෙස්කෝ සංවිධානය මඟින් 2010 වසරේ දී ප‍්‍රකාශයට පත් කළේ ය.
එවන් වූ සුවිශේෂී ජෛව කලාපයක් වනසමින් කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියක් නීති විරෝධී ලෙස ක‍්‍රියාත්මක කිරීම ඉතාම හානිකර තත්ත්වයකි.
මේ ව්‍යාපෘතිය අනුව ඇලි හතේ තුන් වන ඇල්ල ඇඳහැලෙන ස්ථානයේ දී බලාගාරයේ වේල්ල ඉදි කරනු ලබන අතර එතැන් සිට නළ මඟින් රැුගෙන එන ජලය හත්වන ඇල්ල පාමුල ඉදිකරන බලාගාරය වෙත ගෙන ගොස් විදුලිය ජනනය කිරීමට සැලැසුම් කර ඇත. ඒ අනුව හතර, පහ, හය, හත යන දිය ඇලි හතර සම්පූර්ණයෙන් ම සිඳී යෑම සිදු වේ.
ඇලි හත කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය (Elihatha Mini Hydropower Project) නමින් මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරනු ලබන්නේ මරදාන, මෙඩිසෙට් පෞද්ගලික ආරෝග්‍යශාලාවේ හිමිකරු වන වෛද්‍ය හර්ෂ සමරවීර මහතා විසිනි. දේශපාලන සම්බන්ධතා භාවිත කරමින් පාරිසරික අනපනත් උල්ලංඝනය කරමින් මේ ව්‍යාපෘතිය නීති විරෝධී ලෙස ක‍්‍රියාත්මක කරනු ලැබේ.
2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 3 හා 6 වගන්තිවලට අනුව ස්වභාව රක්ෂිතයකට ඇතුළුවීම, වෘක්ෂලතාවලට හානි සිදු කිරීම, ශාක ඉවත් කිරීම, කැලෑ එළි පෙහෙළි කිරීම, හෑරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැඟිලි ඉදිකිරීම, මාර්ග තැනීම හෝ ඒවා භාවිත කිරීම සම්පූර්ණයෙන් ම නීති විරෝධී වෙති.
එම පනතේ 6(4) වගන්තියට අනුව ඉහත හානිකර ක‍්‍රියාවල යෙදෙන යම් තැනැත්තෙක් වරදකරු වන අතර එසේ වරදකරු වීමේ දී රුපියල් විසිදහසකට නොඅඩු සහ රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ අවරුදු දෙකකට නොඅඩු සහ අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දෙකට ම ලක් විය හැකි ය. ඒ වරදට ම නැවත වරක් වරදකරු වුවහොත් රුපියල් හතලිස් දහසකට නොඅඩු සහ රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩයකට හෝ අවුරුදු පහකට නොඅඩු සහ අවුරුදු දහයකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකට ම හෝ ඔහු යටත් විය යුතු ය.
නමුත් අද වන විට වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 3 හා 6 වගන්ති උල්ලංඝනය කරමින් ස්වභාව රක්ෂිතය තුළ නාය ගඟ හරහා වේල්ල ඉදිකිරීම, නළ මාර්ග සකස් කිරීම හා බලාගාරය ඉදිකිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින අතර ඒ සඳහා වනාන්තරය එළි පෙහෙළි කර මාර්ග ඉදිකිරීම, දළ බෑවුම් සහිත ප‍්‍රදේශයේ පස් හාරා ඉවත් කර භූමිය සකස් කිරීම සිදු කර තිබේ. ස්වභාව රක්ෂිතයක් වනසමින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් මේ සිදු කරන මහා විනාශය මැඩලීමට කිසිදු පියවරක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනතුරුත් ගෙන නොමැත.
සමනළ අඩවිය යනු ඊට ම ආවේණික ජීවී විශේෂ අති බහුතරයක් ජීවත් වන ලංකාවේ සුවිශේෂීම ජෛව කලාපයකි. අලූතින් විද්‍යා ලොවට හඳුන්වාදීමට අති උරගයන් හා උභයජීවීන් රාශියක් ම ඒ අතර වෙති. ඇලි හත හා ඒ ආශ‍්‍රිත වනාන්තර යනු ඉතාම දුර්ලභ ජිවී විශේෂ ගණනවක් වාර්තාවන ප‍්‍රදේශයකි. එවන් ප‍්‍රදේශයක් මේ ආකාරයෙන් වැනසීම යනු මහා විනාශයකි. එපමණක් නො ව ඒ සඳහා කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගෙන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් බලා සීටීම යනු ඉතාම හානිකර තත්ත්වයකි.
මේ නිසා අප ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යංශයෙන් හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මේ නීති විරෝධී හා දැඩි ජෛව විද්‍යාත්මක හානියක් ගෙන දෙමින් ක‍්‍රියාත්මක වන කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය වහාම නතර කිරීමට ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ය
Subscribe to:
Posts (Atom)