Tuesday, January 12, 2016

දැරණියගල;දේශපාලනය;පිහිණුම් තටාක;අැළි හත;කටු පොල් හා හෙට දවස

දැරණියගල;දේශපාලනය;පිහිණුම් තටාක;අැළි හත;කටු පොල් හා හෙට දවස

දැරණියගල

සමන් දෙයියන්ගෙ රට යැයි පුරාතන ගැමියන් හැදින්වූ කලාපයේ ප්රධාන නගර වලින් ඒකකි.සබරගමු පළාතේ කැගල්ල දිස්ත්රික්කයේ විශාලම භූමි ප්රමානය හිමි ප්රදේශය වෙී.
දැරණියගල ලංකාවෙී ප්රධාන සමන් දේවාල 04න් ඒකක් පිහිටා අැති රාවණා යුගයක ඉතිහාසගත සාධක සහිත පුණ්ය භූමියක් වන අතර පසෙකින් ශ්රී පාද පුද බිමද අනෙක් පසෙකින් සමනල අඩවියේ හදවත බදු අැළි හතද දිස් වෙන සේ නැගෙන හිර රාජුරුවාගල;බල්ළා හෙල ගල අහසේ පායා මුතුපාන අැල්ළ අසලින් සැගව යයි මෙී ප්රධාන කදුවලින් අාරකෂකා වූ හෙයින් කදු මැද නුවරනම් විය.
ලිඛිත ඉතිහාසයේ සදහන් වලගම්භා රජු සේනා සංවිධානය හා සසුන රැකගැන්ම උදෙසා සුවිශේෂි ක්රියාකරකම් වල නියැලි ප්රදේශයකි කුළුබඩු හා දේශිය වෙදකම ප්රචලිතව පැවති භූමිය සුද්දා අපේ රට අාක්රමණයත් සමග උගේ හිතුමනාපේ කා දැමීය.
කේාපි ;තේ;හා රබර් සුද්දා අපට අප වහලුන් කර සැප විදීමට දමා ගියේ ඒවායේ පාලනය ඔවුනට හිතවාදී ගොඩ සුද්දන් රැළකට බාරදී මෙන් අනතුරුවය. ඒහි විපාක අද අප භුක්ති විදින අතර සුද්දා ගෙනා දෙමළ වතුකම්කරුවන් නැවත ඉංදියාවට හෝ සුද්දා සමග අරගල කිරීමෙී පහසුවට කදු කරයට පැමිනි ජනයා නැවත ගොවිබිම් බලාද නාෙගිය අතර සමාජවාදී අරගල දෙකක හා ජාතිවාදී අරගලයක අදුරු මතක වැඩියෙන් තබා ගිය මෑත ඉතිහාසයකි.

දේශපාලනය

දේශපාලනය තුළ රාවණාට නෑකම් කියන සොයා නොගිය ඉතිහාසයක සිට අරගල හා කෝලහාල වලට පන දුන් බිමකි.පසුව යූන්පී යුගයක්ද පසුව වාමාංශිකයැයි කියන්නා වූ යුග දෙකක් ඔස්සේ මාරුවන පිල්මාරුව තුරන් කිරීමට උත්සාහකල විජේවීරට ලොකුම සවිය දුන් ජනතාවක් උන් බිමකි.(මෙය අද ජවිපෙ යැයි හදුන්වන සමහරු හා පෙරටුගාමීන් යැයි හදුන්වා ගන්නා කන්ඩායමට අයට පිම්බීමට නොව)මෙහිදී ඒවකට ඒජාප ප්රාදේශීය දේශපාලුවන්ගේ අත්තනෝමතික පජාති කම නිසා රබර් කර්මාන්ත ශාලා කිහිපයක් ජවිපෙ සාමාජිකයන් නීතියේ රැහැනට හසුවීමෙී ප්රීතියෙන් ගිනි තබා ඒවා ජවිෙප නායකයන් අත්අඩංගුවට ගත් නිසා ජවිපෙ විසින් සිදුකල බවට ජන මතයක් ගොඩ නැගීය.ඒය අදටත් හිස මුදුනින් පිලිගන්නා සමාජයක් වන මෙහි අනිල් චම්පික විජේසිංහ දක්වා නිද්රශිලීව ප්රාදේශීය සභාව පාලනය වූ අතර අනිල් චම්පික විජේසිංහ සභාපතිව සිටියදී විසිරවූ ප්රාදේශීය සභාව වෙනුවෙන් තරග කිරීමෙී අවස්තාව නොදෙන තැනට රාජ පක්ෂ පාලනයේ සුසිල් ප්රේමජයන්ත නම් මහින්ද සගයා ඒතනට තමන්ගේ නෑදෑයෙකු යෙදවීය.අනුර විජේසූරිය වන ඔහු ඉන් පසු දැරණියගල ප්රාදේශිය සභාවේ සභාපති විය.ගමීෙ කම දිනවන්න ගොස් රංජිත් පොල්ගම්පලගේ මනාපටික පිටස්තරයන් දිනාගත්තේය.අනිල් චම්පිකගේ මුදා නොගත් පෙදෙසේ අාරකෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදීය අවසානයේ දැරණියගල අාරක්ෂාව කොතරම් ප්රභලද කිවහොත් සමනල අඩවිය දැරණියගල සීමාව තුල වල්ලා පට්ට පැලයක් වත් ඉතිරී වී නැත;මුලක් හෝ ඉතිරි කර නැත්තේ සාක්ෂි ඉවත් කිරීමට විය යුතුය.ඔවුන්ගේ අාගමනය නිසා අැළි හත රැකුනේද නැත;ප්රසිද්ධ කියමනක් මා අසා අැත ලංකාවෙ කොහේ අකුරට රාජනාරිය කල පොළිස් නිළධාරියෙක් උනත් අසිතගෙ අරක්කු බෝතලේට හිස නමන බවය.අනුර විජේසූරියගේ ප්රාදේශිය සභාවේ සභාපතිවරු බොහෝ විය.අනිල් චම්පික හා ගෝලබාලයන් සේ හැසිරීමට මොවුනට කාලය උදා වූයේ අනිල් චම්පිකව නූරි වතු පාලකයා ඝාතනයේ සැක කරුවෙකු වීමෙන් උදා විය.වර්ථමාන දේශපාලන ප්රවාහේ නිදහස ලැබූ දා සිටම පාර්ලිමෙීන්තුවට මන්ත්රී වරයෙක් යවා ගන්නට දැරණියගල ජනතාව අපොහොසත් විය.ඒහි වාසිය පිටින් පැමිණි දේශපාලුවන් හිස මුදුණින් පිලිගෙන ජනතාවද මුලාකර පරිසරයද විනාශකරයාමට මදකුදු පැකිලුනේ නැත.

පිහිනුම් තටාකය

ඒච්.අාර්.මිත්රපාල නම් අවස්ථාවාදී දේශපාලුවා විසින් ඉදිකිරීමට සුදුසු වෙනත් භූමි ප්රදේශ තිබියදී දැරණියගල ක්රීඩාවෙී හදවත බදු සිරි සමන් ක්රීඩා පිටිය මත ඉදිකිරීමට පියවරගත්තේය.මෙය රාජකාරී මට්ටමෙන් විසදා ගැනීමට අප දිස්ත්රික් ලේකම් වරයා දක්වා ගිය අතර ඒච්.අාර්.මිත්රපාල හෘදයාබාද උත්සන්නවී මියෙදෙනු අැතැයි හැගීමෙන් දිස්ත්රික් ලේකම් වරයාගේ රාජ්ය සේවයේ ඒය ඉටු නොවීය.ඒය අදටත් මදුරුවන් බෝකරන මධ්යස්ථානයක් වී හමාරය.තමන් නිට්ඨාවට පරදින බව දුටු මිත්රපාල බලය තහවුරු කිරීමේ උපාය ලෙස දුෂ්මන්ත පාර්ලිමේන්තුවට ඉදිරි පත් කල අතර අප යහ පාලනයක් උදෙසා පත් කර ගත් රජයේ අධිකරන නියෝජ්ය අැමතිකම හිමිවීමම හාසයට කරුණකි.ඒය දූෂණ වංචා නීති ගතකිරීමකට සම කල හැක නීති කඩන පුද්ගලයන් නීතිය පිලිබද අැමති දූර දැරීම සුලුවෙන් තැකිය නොහැක.
අැළි 07 දැරණියගල ගැන කතා කරන ඔීනැම අයෙකුට නිතැතින්ම සිහියට නැගෙන තවත් ස්ථානයකි.මෙය දැරණියගල සමනල අඩවියෙන් වෙන්වෙන සීමාවෙී පිහිටා අැති අතර වසර ගනනාවක් තිස්සේ වරින් වර නවත්වන අරඹන කුඩා විදුලි බලාගාර ව්යාපෘතියක් නිසා දැඩි පාරිසරික අවදානමකට ලක්ව අැත.මෙය නිලදාරීන් මුළා කොට බලදාරීන් නොමග යවා අතයටින් සිදුකල මුදල් මාරු හා යාළු හිතවත්කම් රැකුමට දැයෙන් සමුගැනීමට සැරසෙන සුවශේෂී අධි සංවෙදී පරිසර කලාපයකි.මෙය ලොවට සගවන්න ගන්නා උත්සාහය කොතරම් ප්රභලද යත් මෙහි ඒකදු දිය අැල්ලක් හෝ අදවනතුරුත් සංඛ්යා ලේඛණයකට හෝ නාමාවලියකට අැතුලත් කර නොමැත.ඒතරමට වනජීවී දෙපාර්තමෙීන්තුව නිද්රශීලී වීමට කුමන හෝ හේතුවක් තිබිය යුතුය.අජිත්ගෙන් පිහි අැණුමට ලක් වූ ප්රාලේ හැර අන් සියල්ලෝම මුදලට යට වීම ප්රසිද්ධ රහසකි ඒය අැළි 07 ප්රශ්නයේදී දැඩිව දැකගත හැකිවිය.

කටුපොල්

අැමරිකාව වැනි ලෝකයේ කාබන් ඩයොක්සයිඩ් බහුලව පිට කරන රට වල් ඒ වෙනුවෙන් වනාන්තර ලෙස ලෝකයට පෙන්වා අනෙකුත් පරිසර පද්ධති වනාශ කරන ක්රමවෙීදයේ මූලික සංකල්පයයි.මෙය ලෝකයේ රටවල් රැසක පරිසර පද්ධති වනාශ කරන අතර තුර 70 දශකයේ ලංකාවට මුලින්ම හදුන්වා දී පරිසර කලාප කිහිපයක් දැඩි අවධානමකට ලක් කර ඉන් අනතුරුව දැරණියගල වැනි සුවශේෂී ජෙෙව විවිධත්වයකට හිමිකම් කියන භූමියක් විනාශ කිරීමට පැමිණි අති අාක්රමිණික ශාකයකි.මෙය අද මුලිනුපුටා නොදැමුවහොත් අහිංසක ගැමියන්ද රවටා හෙට දවස දැරණියගල කාන්තාරයක් කරනු නොඅනුමානය.
හෙට දවස
කොන්ද පනැති දේශපාලන නායකත්වයක් නැත.
පරිසර පද්ධති දැඩි අවදානම් කලාපයක් වනු අැත.
තවදුරටත් කුඩම්මාගේ සැලකිල්ලට බාජනය වනු අැත.
මුදලට යට පොලිසියක් ජංගි ලෙවකන නිලධාරීන් නීතිය හා සාමය රකිණු අැත.

සිරි සමන් ජාතික පාසල දේශපාලන හිතවාදීන්ගේ හා මුල් පදිංචිකාර ගුරු හොරුන්ගේ තිප් පොළ වනු අැත


No comments:

Post a Comment