2016-03-28මව්බිම
Monday, March 28, 2016
Wednesday, March 23, 2016
රිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතය
මහ වැව් දාගැබ් සිය ගණනක් ඉදිවු රජ රටේ වන වදුලින් ආවරණය වු රක්ෂිත වනාන්තර වලින් මුල් තැනක් රිටිගලවන පියසට හිමිවෙයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැඩි රක්ෂිතයක්ව ඇති මෙම කඳු ශිඛරයේ ඇති රූස්ස ගස් වලින්ද මෙහි ඉතිහාසය පිළිබිඹු වේ.
පිහිටීම
උතුරු මැද පළෘතේ,අනුරධපුරයට නුදුරින් රිටිගල කන්ද පිහිටා ඇත. පලුගස් වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් මායිම්ව රිටිගල පිහිටා ඇත. හබරණ අනුරාධපුර මාර්ගයේ ගලපිටිගල හා ගනේවල්පොල අතර දකුණු පසින් අක්කර 7200ක පමණ රමණීය භූමි භාගයක් මෙම වනපියසින් වැසී ඇත්තේය.
විදේශීකයන්ගේ පවා අවධානයට ලක්ව ඇත. රිටිගල කඳුකරය කඳු මුදුන් හතකින් සමන්විත වේ.ඒවා නම්, ආසියා කන්ද, බට කන්ද, කොඩිගල, උණ කන්ද, අඹරාපති කන්ද, පටලීය හින්න, කිරිවැල් හින්න ආදිය වේ. 600mක් (අඩි 2000ක්) පමණ උසින් යුත් රිටිගල වියළි කලාපයේ ඉහළම ස්ථානය ද වේ. කිරිය ගස් වැව, කළුඑබේ, මොරගොඩ, මූරියා, කඩවල, බමුණුගම, උල්පත, හීනුක්කිරියාව, ගලපිටිගල ආදි ගම්මාන 14කින් වටව මෙම වන පියස පිහිටා ඇත.
රිටිගල කන්දට පිවිසෙන්නට මුලින්ම ඇත්තේ කුඩා ගල් කුළු කිහිපයක් උඩිනි. ඒ සමඟම හමු වන්නේ තරමක දිග පළලකින් යුතු ගැඹුර අඩි 30ක් තරම් වූ ගරා වැටුණු "බන්දා පොකුණ" නම් වූ සුවිශාල පොකුණයි. ඉන් පසුව තැනින් තැන විසිරී පැතිරී ඇති ගල් පාලම්, පියගැට පේළි, කවාකාර වූ ශෛලමය වේදිකා, ඔපමට්ටම් කරන ලදවිශාල ගල් පුවරු, සෙල්මුවා පහන්, තටාක, බෙහෙත් ඔරු, සල පතල මළු, සක්මන් මළු, කටාරන් කෙටූ ගල් ලෙන්, පධානගර හා ගල් කුළුණුය.
වසර 1500ක පමණ කාලයක් අද්විතීය වටිනාකමකින් යුක්ත ආරාමික සංකීර්ණයක් වශයෙන් පැවති රිටිගල 11 සියවසේදීචෝළ ආක්‍රමණයත් සමඟ ක්‍රමයෙන් නටඹුන් වන්නට විය. වනගත වීම නිසා වන සතුන්ගේ වාසස්ථානයක් බවට පත් වූ රිටිගල කන්දවර්තමානයේදී වනාන්තරයෙන් වැසී පවතී. මහාවංශයේ "අරිට්ඨ පබ්බත" යනුවෙන් දැක්වෙන්නේ රිටිගල බව ඉතිහාසඥයන්ගේ මතයයි. භාවනානුයෝගි භික්ෂූන් වහන්සේලා සඳහා යෝග‍්‍ය වූ නිසසල වනගත පෙදෙසක් වශයෙන් රිටිගල වැදගත්කම එහි දක්නට ලැබෙන නටඹුන් වලින්ද හෙළි වේ.
රිටිගල ලෙස හැඳින්වීම
- මෙය රිටිගල ලෙස හැඳින්වීමට හේතු ගණනාවක් බලපා ඇත.
පාලි 'අරිට්ඨ පබ්බත' සංස්කෘත 'අරිෂ්ට පර්වත' යන්නෙන් සිංහලයට බිඳී එන්නට අතැයි සාමාන්‍යයෙන් සැලකේ. 'රිටි' යනු පාලි 'අරිට්ඨ' යන්නෙන් බිදී ආ 'ආරක්ෂාව' යන අරුත් ඇති පදයකි. ඒ අනුව රිටිගල ආරක්ෂක පර්වතයකි. මහාවංශයේ 'අරිට්ඨ පබ්බත' ලෙස සඳහන් වන්නේ මෙම ස්ථානයයි.
- රිටිගල දක්නට ඇති 'රිටි' නැමති ගස් වර්ගය නිසා මෙම පර්වතය රිටිගල නමින් හඳුන්වන්නට ඇත යන්න තවත් මතයකි.
- රිටිගල අඩතැන්නේ පිහිටි රිටක් මෙන් ඉහළට එසවී ඇති පර්වතයක් නිසා මේ නම ලැබෙන්නට ඇතැයි ද විශ්වාස කෙරේ.
- රිටිගල යන නමේ 'රිටි' යන්නෙහි ගැබ්ව පවත්නා සැබෑ අරුත කුමක් වුව ද, එම වදන සිංහල භාෂාවේ පුරාතන වචනයක් බවවාග් විද්‍යාත්මක හා ඓතිහාසික සාධක ආශ්‍රයෙන් පැහැදිලි වේ.
ගවේෂණය කිරීම
ශ්‍රී ලංකාවේ පුරා විද්‍යාත්මක ගවේෂණ වල පුරෝගාමියෙක් වශයෙන් සැලකන එච්.සී.පී.බෙල් රිටිගල පිළිබඳ අවධානය යොමුකළ ප්‍රථම පුරා විද්‍යාඥයා වෙයි. රිටිගල කන්ද මුළුමනින්ම ගවේෂණය කොට එහි පැවති ලෙන් හා ශිලා ලිපි හඳුනා ගැනීමත්, නටඹුන් සොයා ගැනීමත් ඔහුගෙන් සිදු වුණු කාර්යන්ය. එම සියලු පුරා විද්‍යාත්මක තොරතුරු ඇතුලත් කොට සැලසුම් හා රූ සටහන් සහිතව බෙල්මහතා විසින් 1893 දී පළ කරන දී.
- "Ritigala kanda", sessional paper xxx viii Annual report -1893
- Archaeological survey of ceylon &plans and platesfor Annual Report-1893,
- Ancient Ruins of Ritigala යන වාර්තා, රිටිගල පිළිබඳ අධ්‍යයනයකදී ඉතා ප්‍රයෝජනවත් වන මූලාශ්‍ර වේ.
එච්.සී.පී.බෙල් මහතා සොයා ගත් සෙල් ලිපියකට අනුව ක්‍රි.පූ. 119-109 සද්ධාතිස්ස රජුගේ දෙටු පුත් ලජ්ජිතිස්ස රිටිගල විහාරයක් සාදා ඇති බව සඳහන්ව ඇති අතර තවත් සෙල් ලිපියක වළගම්බා රජු විසින් රිටිගල අසල කුඹුරු යායක් කරවා භික්ෂු ශාසනයට පූජා කළ බව සඳයක් වේ.
දැනට අවුරුදු 2434ක් පමණ (ක්‍රි.පූ.437) දක්වා පැහැදිලි අතීතයක් කරා දිවෙන රිටිගල මෙරට ඉතිහාසයේ මුල්ම රාජධානිය වන අනුරාධපුරයටත් පෙර පණ්ඩුකාභය කුමරුගේ සටන් මධ්‍යස්ථානයක්ව පැවතුණි. ඔහු සිය මාමාවරුන් සමඟ කළ සටනට මධ්‍යස්ථානය කර ගත්තේ මෙම කඳවුරයි. එමෙන්ම මීටත් පෙර විජය කුමරු තම්මැන්නාවේ සිට ආ ගමනේදී ඒ ගමන් මඟ රිටිගල අසලින් වැටී තිබුණුබව ද කියවේ.
මහා වංශයේ සඳහන් වන පරිදි ක්‍රි.පූ.833-835 පළමු වන සේන රජු පාංශුකූලික භික්ෂූන්ට මෙහි ආරමයක් කරවා දී ඇති බව දසඳහන් වේ.
ජනප්‍රවාද
රාම-රාවණ යුද්ධයේදී තුවාල ලත් රාමට ප්‍රතිකාර කිරීම සඳහා හනුමාන් විසින් භාරත දේශයේ සිට ඔසවාගෙන එන ලද බෙහෙත් පර්වතයෙන් කොටසක් රිටිගල මතට කඩා වැටී ඇතැයි යන්නද ජන ප්‍රවාදයේ එන්නකි. රිටිගල පුරා ඉරරාජ, සඳරාජ, බිං කොහොඹ, වැනි දුර්ලභ ගනයේ බෙහෙත් පැළෑටි අද මෙම වනයේ ඇති බව පැවසේ.
රක්ෂිත වනයක් වීම
1942 දී රිටිගල දැඩි රක්ෂිතයක් ලෙස නම් කෙරුණු අතර, එහි ශාක හා සත්ව විශේෂ රැක ගැනීම කෙරෙහි විශේෂ අවධානයයොමු වන්නට විය. පුරා විද්‍යාත්මක කටයුතු සඳහා රිටිගල සංරක්ෂණය කිරීම නැවත වරක් ආරම්භ වූයේ 1960දී පමණ ආචාර්ය රාජා ද සිල්වා මහතාගේ මූලිකත්වය යටතේය.
වැදගත්කම
- තෙත් කලාපීය දේශගුණ රටාවට සමීප දේශගුණික තත්වයක් ඇත. අවුරුද්ද පුරාම නොසිඳී ගලා එන සියුම් ජල උල්පත් ඇත.
- ඓතිහාසික නටඹුන් නගරයක් ලෙස වැදගත් වේ.
- උද්හිද විද්‍යාත්මකව වැදගත් වේ.
ශාක විශේෂ රාශියක් මෙම වනයේ ඇත. පළු, වීර, මොර, අන්නාසි, දෙහි, දොඩම් වැනි නොයෙකුත් පළතුරු හා ඉතාම දුර්ලභ වර්ගයේ අශෝක වැනි මල් වලින් සැදුම් ලත් මේ වන රොදෙහි තිත් කොහා, කහ කුරුල්ලා, වලි කුකුළා, ගිරවා, මයිනා, නීල බෙයියා, බට ගොයා, දෙමලිච්චා වැනි පක්ෂීහු ද විවිධ සමනල් වර්ග මෙන්ම අලි, කොටි, වලස්, මුව, ගෝන ආදි සිවුපාවෝ ද පිඹුරා, නයා, පොළඟා හා උරඟ සත්ව විශේෂයෝ ද එමට වෙති.
නූතන යුගයේ රිටිගල වැදගත්කම වඩාත් ඉස්මතු වූයේ එහි ඇති බ්‍රාහ්මි ශිලා ලිපි හේතු කොට ගෙනය. මිහින්තලේ, වෙස්සගිරිය, යන ස්ථාන වල දක්නට ලැබෙන ලෙන් ලිපි වලට නොදෙවෙනි වැදගත්කමක් රිටිගල සෙල්ලිපි වලටද හිමි වේ. මෙරට සෙල් ලිපි අධ්‍යයනයේ ප්‍රමුඛයකු වූ සෙනරත් පරණවිතාන වැනි විද්වතුන්ගේ අවධානය ද රිටිගල කෙරෙහි යොමු වීමත්සමඟ මෙම ස්ථානයේ වටිනාකම තවත් වැදගත් වන්නට විය. වර්ෂ 1980 සංස්කෘතික ත්‍රිකෝණයේ කටයුතු ආරම්භ වීමත් සමඟ,ඊට අයත් පෞරාණික ස්ථානයක් වශයෙන් රිටිගල වැදගත්කම යළිත් වරක් ඉස්මතු වූ අතර, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ කැණීම් හා සංරක්ෂණ කටයුතු දැනට සිදු කරගෙන යනු ලැබේ.
ගැලරිය
හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය
හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය (ගම්පහ මල් වත්ත) යනු ශ්‍රී ලංකාවේ නිර්මාණය කර තිබෙන උද්භිද උද්‍යාන පහ අතුරින්, ගම්පහ ඉදිකොට තිබෙන උද්‍යානයයි. අනෙක් උද්භිද උද්‍යාන හතර වන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය සහ සීතාවක උද්භිද උද්‍යානයයි.
ගම්පහ දුම්රිය ස්ථානයේ සිට, ගම්පහ-මිනුවන්ගොඩ ප්‍රධාන පාරේ, මීටර 450 ක් පමණ දුරින් උද්‍යානය පිහිටුවා තිබෙයි. කොළඹ සිට උද්‍යානයට කිලෝ මීටර 29 ක පමණ දුරක් පවතී. උද්‍යානය සහිත භූමි ප්‍රදේශය මුහුදු මට්ටෙම් සිට අඩි 33 ක් පමණ ඉහලින් පිහිටා තිබීම නිසා නිවර්ථන පහතරට දේශගුණ තත්වයක් පවතියි.
පිහිටීම
හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය | |
---|---|
වර්ගය | උද්භිද උද්‍යානය |
පිහිටීම | හෙනරත්ගොඩ, ගම්පහ, ශ්‍රී ලංකාව |
තත්වය | වසර පුරා විවෘතයි |
ඉදිකිරීම | 1876 |
උද්‍යානයේ සමස්ථ වපසරිය අක්කර 36 ක් වන අතර, මෑතකදී දියත් කල නව සංවර්ධන කටයුතු වලදී තවත් අක්කර 7ක භූමි ප්‍රමාණයක් උද්‍යානයට අළුතින් එකතු කරන ලදී
ඉතිහාසය
1876 වසරේ දී බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මෙම භූමිය, රබර් වගා කිරීම සඳහා නිමවන ලදී. පසුව 1879 දී බ්‍රිතාන්‍ය කිවු (Kew) රාජකීය උද්භිද උද්‍යානයේ සිට රැගෙන ආ රබර් බීජ පැල මේ භූමිය තුල රෝපණය කල අතර, එම රෝපණ වැඩකටයුතු උද්‍යානයේ මුල්ම භාරකරුව සිටි මුහන්දිරම් ඒ. දි සොයිසා වෙත භාරදී තිබෙයි. එම රෝපිත රබර් ශාක 1880 වන විට පීදුනු බව සඳහන් වන අතර, ඊළඟ වසරේ සිට එහි බීජ රෝපණය සඳහා දිවයින පුරාත්, සමහර බ්‍රිතාන්‍ය යටත් විජිත රාජ්‍යයන් වෙතත් රැගෙන ගිය බව සඳහන් වෙයි
පසුව දිවයිනේ ප්‍රධාන උද්භිද උද්‍යානයක් ලෙස සංවර්ධනය කල මෙම භූමිය තුල, වර්ථමානයේදීද රෝපණය කල මුල්ම රබර් ශාකයේ අවශේෂ මෙන්ම 19වන සියවසේ ඉන්දවූ ශාක සමහරක් දැකගත හැකිය.
උද්‍යානයේ වැදගත් ශාක ප්‍රජාවන්
- මෙරට ප්‍රථම රබර් ශාකය - Hevea brasiliensis (1876 වසරේ රෝපණය කල අතර, 1986 දී ශාකය මියයන ලදී).
- Dipterocarpus zeylanicus - (හොර)
- Roystonia regia
- Calophyllum inophyllum
- Taraktogenus kurzii
- Livistona rotundifolia
මීට අමතරව විවිධ ඕකිඩ් වර්ග, පර්ණාංග, ඖෂධ පැළෑටි, මල් පිපෙන ශාක උද්‍යානය තුල රෝපණය කොට තිබේ.
සීතාවක උද්භිද උද්‍යානය
සීතාවක උද්භිද උද්‍යානය, හෝ සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවේ ඉදිකොට ඇති උද්භිද උද්‍යාන පහ අතුරින් අවිස්සාවේල්ල පිහිටුවා ඇති උද්භිද උද්‍යානය වේ. මෙරට අනෙක් උද්භිද උද්‍යාන හතර වන්නේ පේරාදෙණිය උද්භිද උද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය සහහෙනරත්ගොඩ උද්භිද උද්‍යානයයි. ශ්‍රී ලංකාවේ අවසානයටම ඉදිකල උද්භිද උද්‍යානය වන්නේ මෙම සීතාවක උද්භිද උද්‍යානයයි උද්‍යානය 2014 වසරේ අගභාගයේදී මහජනයා වෙත විවෘත කරන ලදී
ආරම්භය
මූලික පරමාර්ථය
උද්‍යානය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වුයේ අභියෝගයට ලක්ව ඇති පහත රට තෙත් කලාපීය වනාන්තර වල ඇති වෘක්ෂලතාදිය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමට සුරුකුම් (විතැන් ශාක සංරක්ෂණ) මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමයි. මීට අමතරව මෙම උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙසද, මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය භූදර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසද වැදගත් වනු ඇත. දිගුකාලීනව වැඩි ප්‍රසිද්ධියක් නැති හා ඌන උපයෝජිත ශාඛ වර්ග දැක බලාගැනීමටත්, ඖෂධීය ශාඛ කර්මාන්තයේ වර්ධනය සදහාත්, තෙත් කලාප තුල, උද්භිත විද්‍යාව හා මල් වගාව පිළිබද අධ්‍යාපන හා පුහුණුව ලබා දීම සඳහාත් මධ්‍යස්ථානයක් ලෙස මෙය මහජනතාවට සේවා සපයනු ඇත.
පිහිටීම හා ලඟාවීම
බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ පිහිටා ඇති සීතාවක උද්භිත උද්‍යානයට ප්‍රවේශ මාර්ග දෙකකි. කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ අවිස්සාවේල්ල දෙසට 46 KM ගියවිට හමුවන පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලින් තුන්මෝදර මංසන්ධියෙන් හැරී 6 KM ගියවිට සීතාවක උද්භිත උද්‍යානයට ලඟාවිය හැකිවේ. තුන්මෝදර මංසන්ධියේ සිට බසයෙන් හෝ ත්‍රීරෝද රථයෙන් වුවද ගමන්කීරීමේ හැකියාව තිබේ. බසයෙන් ගමන්ගන්නා විට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) මගින් ලඟාවිය හැක. නැතහොත්, පාදුක්ක නගරයට පැමිණ, පාදුක්ක නගරයේ සිට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) ඔස්සේ 17 KM ගොස් බසයෙන් මෙම ස්ථානයට ලඟාවිය හැක. සෑම විනාඩි 30 වරක් බසයක් මාර්ගයේ ධාවනය වේ. අවිස්සාවේල්ල - පාදුක්ක මාර්ගය අතරතුර ඇති නාන තොටුපළ කිහිපයක්ද මෙම ගමනේ හමුවේ.
උද්‍යානයේ බිම් සැකසුම
උද්‍යානය තුල භූමිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා වෙන්කර ඇත. එනම්, තේ වගාව, මීවන උයන, රුක් උයන්, තර්ජිත ශාක එකතුව, තාල ශාක එකතුව, මුදුන් උයන/ රෝස උයන, මධ්‍යම තෘණ පිටිය සහ වැව 1,2 හා 3 ආදී ලෙසයි. මින් වැව 01 හංස බෝට්ටු සඳහා වෙන්කර ඇති අතර මධ්‍යම තෘණ පිටිය හා ඒ අවට ප්‍රදේශය මංගල ඡායාරූපකරණයට වෙන්කර ගැනීමේ හැකියාවද ඇත. හංස බෝට්ටු සදහා ප්‍රවේශපත් ඇතුල්වන විටම ගතයුතු අතර මංගල ඡායාරූපකරණය සදහා කලින් දින වෙන්කර ගැනීමට හැකියාව ඇත.
උද්‍යානය දිනපතා උදෑසන 7.30 සිට සවස 6 දක්වා විවෘතව ඇති අතර ප්‍රවේශ පත්‍ර සවස 5 වනතෙක් නිකුත් කරයි.
මිල ගණන්
පිහිටීම
සීතාවක උද්භිද උද්‍යානය පුවක්පිටිය-තුම්මොදර ප්‍රධාන මාර්ගයේ, අවිස්සාවේල්ල නගරයට ආසන්න, ඉලුකෝවිට ග්‍රාමයේ ඉදිකොට ඇත. උද්භිද උද්‍යානයේ සමස්ථ වපසරිය අක්කර 105 ක් පමණ වේ
සීතාවක උද්භිද උද්‍යානය | |
---|---|
වර්ගය | උද්භිද උද්‍යානය |
පිහිටීම | ඉලුකෝවිට, අවිස්සාවේල්ල |
ඛණ්ඩාංක | 6°57′11″N 80°13′06″ECoordinates: 6°57′11″N 80°13′06″E |
වපසරිය | අක්කර 105 |
නඩත්තු කිරීම | ඉඩම් කොමිසම, ශ්‍රී ලංකාව |
තත්වය | වසර පුරාම විවෘතයි |
ඉදිකිරීම | 2014 |
2008 වර්ෂයේදී ප්‍රථම අභිනව තෙත් කලාපීය උද්භිත උද්‍යානය ලෙස සීතාවක උද්භිත උද්‍යානය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ ආරම්භ කරන ලදී. මෙහි මුළු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 43 (අක්කර 106) ක් පමණ වේ.
මූලික පරමාර්ථය
උද්‍යානය ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වුයේ අභියෝගයට ලක්ව ඇති පහත රට තෙත් කලාපීය වනාන්තර වල ඇති වෘක්ෂලතාදිය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කිරීමට සුරුකුම් (විතැන් ශාක සංරක්ෂණ) මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමයි. මීට අමතරව මෙම උද්‍යානය පාරිසරික සංචාරක මධ්‍යස්ථානයක් ලෙසද, මෙම ප්‍රදේශයේ ආර්ථික වර්ධනයට දායක වන හා තෙත් කලාපීය භූදර්ශන වැඩි දියුණු කිරීමේ ආදර්ශයක් ලෙසද වැදගත් වනු ඇත. දිගුකාලීනව වැඩි ප්‍රසිද්ධියක් නැති හා ඌන උපයෝජිත ශාඛ වර්ග දැක බලාගැනීමටත්, ඖෂධීය ශාඛ කර්මාන්තයේ වර්ධනය සදහාත්, තෙත් කලාප තුල, උද්භිත විද්‍යාව හා මල් වගාව පිළිබද අධ්‍යාපන හා පුහුණුව ලබා දීම සඳහාත් මධ්‍යස්ථානයක් ලෙස මෙය මහජනතාවට සේවා සපයනු ඇත.
පිහිටීම හා ලඟාවීම
බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ පිහිටා ඇති සීතාවක උද්භිත උද්‍යානයට ප්‍රවේශ මාර්ග දෙකකි. කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ අවිස්සාවේල්ල දෙසට 46 KM ගියවිට හමුවන පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලින් තුන්මෝදර මංසන්ධියෙන් හැරී 6 KM ගියවිට සීතාවක උද්භිත උද්‍යානයට ලඟාවිය හැකිවේ. තුන්මෝදර මංසන්ධියේ සිට බසයෙන් හෝ ත්‍රීරෝද රථයෙන් වුවද ගමන්කීරීමේ හැකියාව තිබේ. බසයෙන් ගමන්ගන්නා විට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) මගින් ලඟාවිය හැක. නැතහොත්, පාදුක්ක නගරයට පැමිණ, පාදුක්ක නගරයේ සිට මාර්ග අංක 239 (අවිස්සාවේල්ල - පාදුක්ක) ඔස්සේ 17 KM ගොස් බසයෙන් මෙම ස්ථානයට ලඟාවිය හැක. සෑම විනාඩි 30 වරක් බසයක් මාර්ගයේ ධාවනය වේ. අවිස්සාවේල්ල - පාදුක්ක මාර්ගය අතරතුර ඇති නාන තොටුපළ කිහිපයක්ද මෙම ගමනේ හමුවේ.
උද්‍යානයේ බිම් සැකසුම
උද්‍යානය තුල භූමිය ප්‍රධාන කොටස් කිහිපයකට බෙදා වෙන්කර ඇත. එනම්, තේ වගාව, මීවන උයන, රුක් උයන්, තර්ජිත ශාක එකතුව, තාල ශාක එකතුව, මුදුන් උයන/ රෝස උයන, මධ්‍යම තෘණ පිටිය සහ වැව 1,2 හා 3 ආදී ලෙසයි. මින් වැව 01 හංස බෝට්ටු සඳහා වෙන්කර ඇති අතර මධ්‍යම තෘණ පිටිය හා ඒ අවට ප්‍රදේශය මංගල ඡායාරූපකරණයට වෙන්කර ගැනීමේ හැකියාවද ඇත. හංස බෝට්ටු සදහා ප්‍රවේශපත් ඇතුල්වන විටම ගතයුතු අතර මංගල ඡායාරූපකරණය සදහා කලින් දින වෙන්කර ගැනීමට හැකියාව ඇත.
උද්‍යානය දිනපතා උදෑසන 7.30 සිට සවස 6 දක්වා විවෘතව ඇති අතර ප්‍රවේශ පත්‍ර සවස 5 වනතෙක් නිකුත් කරයි.
මිල ගණන්
ඇතුල්වීමට - දේශීය
වැඩිහිටි - රුපියල් 50
වැඩිහිටි (අවුරුදු 60 වැඩි) - රුපියල් 10
ළමයින් - රුපියල් 10
ඇතුල්වීමට - විදේශීය
වැඩිහිටි - රුපියල් 1100
ළමයින් - රුපියල් 550
පාසැල් ළමුන් හා විශ්ව විද්‍යාල සිසුන් - රුපියල් 825
බැටරි කාර් - පැයක් සඳහා
ආසන 03 - රුපියල් 500
ආසන 07 - රුපියල් 1000
බෝට්ටු පැදීමට
දෙදෙනෙකු සඳහා - රුපියල් 200
රාජකීය උද්භිද උද්‍යානය
රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවේ පේරාදෙණියේ පිහිටා ඇත. එය ශ්‍රි ලංකාවේ පිහිටි උද්භිත උද්‍යාන පහ අතුරින් ප්‍රධානම උද්භිත උද්‍යානය ලෙස සැලකෙයි.
පිහිටීම
මුහුදු මට්ටමේ සිට මීටර් 460 ක් පමණ උසින් පිහිටා ඇති මෙහි භූමී ප්‍රමාණය අක්කර 147 ක් වේ. නුවර සිට කිලෝමීටර් 5.5 ක් බටහිරට වෙන්න පිහිටා ඇත.
දේශගුණය
වසරේ දින 365 න් දින 200 කම වාර්ෂික වර්ෂාපතනයක් මෙයට ලැබේ.
ඉතිහාසය
මෙහි ඉතිහාසය 1371 දක්වා දිවයයි. තුන්වන වික්‍රමබහූ රජුගේ රාජ සභාව පිහිටා තිබි තියෙන්නේ වර්තමානයේ මෙම උද්‍යානය පිහිටා තිබු ප්‍රදේශයේ මහවැලි ගග අසලය. එසේම මෙම භුමියේ විමලධර්ම රජු විසින් විහාරයක් ඉදිකළ බවත් පසුව ලංකාව 1815 වේ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමෙන් පසු එම විහාරය කඩා බිද දමා විනාශ කළ බවත් සදහන් වෙයි. පසුව මෙහි උද්භිත උද්‍යානයක් සැකසීමට අවශ්‍ය බිම් සැකැස්ම කර ඇත්තේ 1821 ඇලෙක්සැන්ඩර් මූං විසින්ය. 1912 දී මෙහි අයිතිය කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට පැවරී ඇත. මෙහි ඉපැරණි තාල වර්ගයට අයත් ශාක දැකිය හැකි අතර ලංකාවේ පළමු තේ පැළය සිටුවා ඇත්තේ මෙම උද්‍යානයේදීය. ඉංග්‍රීසින් විසින් මෙම උද්‍යානය ඉදිකර ඇත්තේ තම විවේක කාලය නිදහසේ ගෙවීමටය.
සංචාරක ආකර්ෂණය
මෙම උද්‍යානය ඕකිඩ් විශේෂයන් සදහා ප්‍රසිද්ධියක් උසුලයි. එසේම මෙහි ශාක විශේෂයන් 4000 ට වඩා ඇත. ඒ අතර විශේෂයෙන්ම බෙහෙත් පැළෑටි, කුළු බඩු ශාක, තාල වර්ගයට අයත් ශාක සහා ඕකිඩ් විශේෂයන් වේ. වාර්ෂිකව දෙස් විදෙස් ආකර්ශකයින් මිලියන 2ක් පමණ මෙහි පැමිණේ.
වර්තමානයේ මෙහි වැඩකටයුතු කරගෙන යන්නේ උද්භිත උද්‍යාන දෙපාර්තමෙන්තුවත් කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවත් ඒකාබද්ධවය.
මිරිජ්ජවිල උද්භිද උද්‍යානය
මිරිජ්ජවිල උද්භිද උද්‍යානය | |
---|---|
වර්ගය | උද්භිද උද්‍යානය |
පිහිටීම | මිරිජ්ජවිල, හම්බන්තොට, ශ්‍රී ලංකාව |
වපසරිය | අක්කර 300 |
තත්වය | වසර පුරා විවෘතයි |
ඉදිකිරීම | 2013 නොවැම්බර් 14 |
මිරිජ්ජවිල උද්භිද උද්‍යානය (හම්බන්තොට උද්භිද උද්‍යානය), ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුල ඉදි කරනු ලැබූ පලමු උද්භිද උද්‍යානය වේ.
පිහිටීම
මිරිජ්ජවිල උද්භිද උද්‍යානය කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගයේ පිහිටුවා තිබෙයි. උද්භිද උද්‍යානයට වම් පසින් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලත්, දකුණු පසින් මාගම්පුර වරායත් පිහිටා ඇත.
ඉදිකිරීම
2006 වර්ෂයේ උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු අරඹන විට, එම භූමිය කටු පඳුරු සහ අත්හරින ලද හේන් භූමි වලින් සමන්විත වූ කැලෑවකින් ගහණව තුබූ බව පැවසෙයි. උද්‍යානය අක්කර 300 ක පමණ භූමි පරිශ්‍රයක් පුරා ඉදිකොට තිබෙයි.
උද්‍යාන අංග
කොහොඹගස් වැව, මලිත්තන්ගස් වැව සහ දෙමටත්ත වැව යන වැව් තුනකින් උද්‍යානය සමන්විත වෙයි. උද්‍යාන පරිශ්‍රය තුල තෙතමනය සහ සිසිලස රඳවා ගැනීම උදෙසා මෙම වැව් සකසා තිබෙයි.
උද්‍යානය ඉදිකිරීමේ අරමුණු
ප්‍රධාන අරමුණු 06 ක් මූලික කර ගනිමින්, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය ඉදිකොට තිබෙයි. ඒවා නම්
- වියළි සහ අර්ධ ගුෂ්ක කලාපීය ශාකයන් විතැන් සංරක්ෂණය කිරීම.
- වියළි කලාපය තුල වර්ධනය වන අප්‍රසිද්ධ හා අඩු වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන ශාක පිළිබදව අධ්‍යනයන් සිදු කිරීම.
- වියළි කලාපීය භූ දර්ශන තලයන් වැඩි දියුණු කිරීම.
- ඖෂධ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.
- උද්භිද විද්‍යාව හා මල් වගාව පිළිබදව දැනුම සහ පුහුණු කිරීම් ලබා දීම.
- පාරිසරික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.
විවෘත කිරීම
2013 වර්ෂයේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළු රැස්වීම මෙරට පැවැත්වීම සනිටුහන් කරමින්, එම මස 14වන දිනදී උද්‍යානය විවෘත කල අතර, උද්‍යානය තුල පොදුරාජ්‍ය මණ්ඩලයීය කවයක්ද නිර්මාණය කෙරුණි. මෙම කවය තුල ජනාධිපතිවරුන් තිදෙනෙක්, උප ජනාධිපතිවරු හත් දෙනෙක්, අගමැතිවරුන් සිව් දෙනෙක් සහ විදේශ අමාත්‍යවරුන් පිරිසක් සිය රාජ්‍යයන් නියෝජනය කරමින් ඖෂධීය ශාක රෝපණය කරන ලදී
Subscribe to:
Posts (Atom)