යාල ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම ජාතික උද්‍යානයයි. එය රෙට් ගිනිකොන වියලි කලාපයේ පිහිටා ඇත. උද්‍යානය කොළඹ සිට එනම් ශ්‍රී ලංකාවේ අග නගරයේ සිට කිලෝමීටර 300 පමණ දුරින් පිහිටා ඇත. යාල ශ්‍රී ලංකාවේ ඌව සහ දකුණු නම් වූ පළාත් දෙකකට අයත් වේ. උද්‍යානය කොටස් පහකට බෙදා ඇති අතර 1 සහ 2 වන කොටස් පමණක් අමුත්තන් සඳහා විවෘතව ඇත.
යාල ජාතික වනෝද්‍යානයශ්‍රී ලංකාවේ නිරිත දිගට වන්නට විශාල භූමි ප‍්‍රමාණයක පැතිර ඇති ප‍්‍රධානම ජාතික වනෝද්‍යානයකි.ඌව හා දකුණු පළාත් දෙකටම අයත් වන මෙම රක්‍ෂිතය වර්ග ප‍්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 979 ක් වුවද මහජනයාට විවෘතව ඇත්තේ වර්ග කිලෝමීටර 141 ක භූමි භාගයකි.
රක්‍ෂිතයෙන් වැඩිප‍්‍රමාණයක් පතන් බිම් වශයෙන් පවතිනමුත් මෙය වනභූමි වෙරලාශ‍්‍රිත ප‍්‍රදේශ, දිය උල්පත්, ගංඟා සහ ලඳු බිම් වලින් ආදි විවිධ පරිසර තත්ත්වයන්ගෙන් ගහණ වූ වනෝද්‍යානයකි. මෙම ලඳු බිම් තැන තැන විසිර පවතින පාෂාණමය ශේෂ කඳු වලින් ගහණය. වනෝද්‍යානය විශාල සත්ව විශේෂ ප‍්‍රමාණයකට වාස භූමිය සපයයි.
යාල රක්‍ෂිතය ලෝකයේ විශාලතම දිවි ගහණයෙන් සමන්විතය. එසේ වුවත් රාති‍්‍රයේ හැසිරෙන විශාල ප‍්‍රමාණයේ මාංශභක්ශක සතුන්ට තම ගොදුරු සොයා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති අතර ගොදුරක් ලැබීම බොහෝ විට වාසනාව මත රඳා පවතී. මෙහි වෙසෙන විශාල ප‍්‍රමාණයේ සත්වයින් අතර ආසියානු අලි, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන් සහ අළු රිලවුන් සිටිති.තවද මල් කොහා, ලංකා වලි කුකුලා සහ ඉන්දියානු මොණරා මෙම වනෝද්‍යානයේ බහුලව ගැවසෙති.පතන් බිම් වලට ගිජු ලිහිණියන්, ගෙල සුදු මුහුදු ලිහිණියන් ආකර්ශනය වන අතර අලිමානාවන් සහ ලතුවැකියන් තෙත් බිම් කරා ඇදී එයි.
2004 දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි උවදුරින් වනජීවී සංරක්‍ෂණ මධ්‍යස්ථානය සහ සංරාචක බංගලාව විනාශ වී ගිය අතර ජීවිත හානිද සිදු විය.සිදු වූ ජීවිත හානි අතර සංරාචක බංගලාවේ සේවකයින් සහ විදේශිකයින්ද වූහ. මෙහිදී සත්ව ජීවිත විශාල වශයෙන් විනාශ නොවීමට හේතුව සුනාමි රළ පැමිණෙන බවට සංවේදන ග‍්‍රහණය කර ගත් සත්වයින් උස් භූමි පෙදෙස් වලට පලා යාමයි.පසුව යාල වනෝද්‍යානය නැවත විවෘත කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ පැරණිතම ජාතික වනෝද්‍යාන දෙකෙන් එකකි. යාල වානෝද්යානය 1983 පෙබරවාරි මස 25 වැනි දින මෙය ප්‍රකාශයට පත් කරනු ලැබිය. අප රටෙහි ප්‍රකටම වනෝද්‍යානය වන්නේ ද යාලයි. එසේම දේශ දේශාන්තරවල පවා ශ්‍රී ලංකාවෙ මෙම වනෝද්‍යානය ඉතා හොදින් ප්‍රකටව පවති. යාල වනාන්තරය 1900 පමණ සිට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දඩයමි බිමක් ලෙස භාවිතයට ගැණිනි.එය 1900 දි දඩයමි රක්ෂිතයක් ලෙස නමි කොට ඇත. 1908 දි මෙය අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබිය. පසුව යාල වානාන්තරය කලාප පහකට බෙදා එහි කලාප අංක එක කොටස 1938 පෙබරවාරි මස 25 වැනි දින මෙය ජාතික වනෝද්‍යානයක් බවට නීතියෙන් උසස් කරන ලදි. පසුව ඉතිරි කලාප හතර ද යාල වානෝද්‍යානයට අනුබද්ධව ප්‍රකාශයට පත්කරනු ලැබිය. උද්‍යානය තුළ දැඩි ස්වභාවික රක්ෂිතයක් ද වෙයි.
කලාපය | ප්‍රමාණය | වනෝද්‍යානයට එක්වූ දිනය |
---|---|---|
I | 14,101 hectares (54.44 sq mi) | 1938 |
II | 9,931 hectares (38.34 sq mi) | 1954 |
III | 40,775 hectares (157.43 sq mi) | 1967 |
IV | 26,418 hectares (102.00 sq mi) | 1969 |
V | 6,656 hectares (25.70 sq mi) | 1973 |
Source: Sri Lanka Wetlands Information and Databaseපිහිටිමඋද්‍යානයේ උතුරු, වයඹ, බටහිර සහ ඊසාන දිග ප්‍රදේශ ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයට අයත් වේ. දකුණු නිරිතදිග ගිනිකොණ දිග හා නැගෙනහිර කොටස් දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් වන අතර දකුණු දිග සිට නැගෙනහිර මායිමි දක්වා ප්‍රදේශ ඉන්දියානු සාගරයට මුහුණලා පැතිර පවති.
පහසුකම්උද්‍යානය තුළ සංචාරක නිවහන් 7ක් ඇත. මහාසිලවලවරහන, නව බුතව, පැරණි බුතව, තල්ගස්මංකඩ, හින්වැව, ඔන්ඩචිචි ඒවාය. පළටුපාන කාර්යාලයේ වැඩි පිරිසක් සඳහා වෙන්කරවා ගත හැකි නිවහනක් ද වෙයි. පටනංගල නිවහන සුනාමියෙන් ද යාල නිවහන ත්‍රස්තවාදී ගිනි තැබිමකින් ද විනාශ වී ඇත.උද්‍යානය තුළ ප්‍රවේශ මාර්ගඉතා හොඳ ප්‍රවේශ මාර්ග පද්ධතියක් ඇත. ප්‍රධාන මාර්ගය පළටුපාන සිට මැණික් ගඟ පරණ තොටුපළ දක්වා දිවේ. අතුරු මාර්ග පද්ධතිය ප්‍රධාන මාර්ගයේ සිට ඌරණිය බුතවපිටිය ප්‍රධාන මාර්ගය, ගෝනලැහැබ මැද පාර තල්ගස්මංකඩ වරහන ප්‍රධාන මාර්ගය-යාල හරහා තල්ගස්මංකඩ බුතව-ස්පිල් පාර හරහා ආකාශ චෛත්‍යයේ සිට තල්ගස්මංකඩ බුතව වැව-ගෝනගල හීන්වැව මාපටිටිය විල ජඹුරාගල හරහා බුතල වැව යනාදී ප්‍රවේශ මාර්ග යාලයේ ප්‍රධානතම තැන් ය. මේ අතරින් ගෝනලැහැබ මැද පාර ඌරණිය මාර්ග යාල හරහා තල්ගස්මංකඩ, රුක්විල, කොටිගල, රකිනවල සුදුවැලිමුල්ල පාර කරවිගස්වල මැද පාර කොටියා දැක ගැනිම සඳහා ඉතා ප්‍රකට තැන් ය. සංචාරකයන් සඳහා දැනට ප්‍රධාන වශයෙන් විවෘතව ඇත්තේ යාල කලාප අංක එක ය.උද්‍යානයේ භෞතික ලක්ෂණකලාප අංක එක තුළ බුතව, හින්වැව, ගෝනගල, කොමාවැව, පටනංගල වැව, පළටුපාන, බන්දු වැව, දර්ශන වැව, වශයෙන් ප්‍රධාන වැව් රැසකි. තව ද විලපලා වැව හා මෙනටි වැව ලෙස කුඩා වැව් දෙකක් ද රුක්විල, පටිටියවිල, දෙබරගස්වල, ඛරවිගස්වල, රනිවල වශයෙන් දියවළවල් ද රැසකි. බුතවල, ගෝන ලැහැබ හා කුඩා සිලව ලෙස කලපු තුනක් ද මෙහි වේ. කලාප අංක දෙක තුළ අතුරු මිතුරු වැව හා මහවැව ප්‍රචලිත ය. වළස්කෙම ලෙස ප්‍රකට දිය වළකි. කලපු ලෙස පිළිනන්නාව, ඉහළ පොත්තන, පහළ පොත්තන, මහිරාව, ගජබාව ප්‍රකට ය. මැණික් ගඟ මෝය, කටුපිළ ආර, කඩොලාන පරිසර පද්ධති මෙහි වැදගත් ස්ථාන ය. මැණික් ගඟ හා කුඹුක්කන් ඔය උද්‍යානය තුළින් ගලා යන ප්‍රධාන ජලාධාර දෙකකි .කලාප අංක පහ තුළ හෙක්ටයාර් 1500 කින් සමන්විත වෙහෙරගල ජලාශය ඉදිවෙයි. සමස්තයක් ලෙස ගත් කල යාල යනු තැනිතලා වනබද උද්‍යානයකි.ජෛව විවිධත්වය හා වන සතුන්යාල වනෝද්‍යානය සියවස් ගණනාවක සිටම වන සතුන් සඳහා ප්‍රචලිත තැනකි. ගමෙහි ලොකු කුඩා සෑම ක්ෂීරපායි සතකුම පාහේ :විශේෂ 40 දිවි ගෙවයි. අලි-ඇතුන් සඳහා මෙන්ම කොටි වළසුන් සඳහා ද මෙතරම් ප්‍රචලිත වනෝද්‍යානයක් සිරිලක නැති තරම් ය. කලාප අංක එක තුළ පමණක් වාර්ෂිකව අලි-ඇතුන් 150 ක් පමණ ද කොටියන් 40 ක් පමණ ද දැකගත හැකිය. මූවා, ගෝනා, ඌරා, නරියා, වල්හාවා, හෝතඹුවා වැනි සතුන්ගෙන් යාලට අඩුවක් නැත. කුරුල්ලන් අතරින් නේවාසිකයන් 130 ක් පමණ ද සංක්‍රමණිකයන් 30 ක් පමණ ද දැකගත හැකිය. ජලාශ්‍රිත මෙන්ම වනබද කුරුල්ලන් රැසකට යාල හොඳ නවාතැනකි. ජලාශ්‍රිත කුරුල්ලන් පළටුපාන වැව, හීන් වැව ආශ්‍රිතව ප්‍රධාන ලෙසම කැදලි තනයි. ඇඔල කොකුන්, ලවිවරතුඩුවන්, ලහැදි ආලාවන්, සුදු කොකුන්, අඑ කොකුන්, පිදිලි මානාවන්, බහුරු මානාවන්, සිලිබිල්ල ඔලෙවියන් ජලාශ්‍රිත ප්‍රදේශවල බහුල ය. වළිකුකුළා, මොණරා බහුල වනබද බිමි සැරයෝ වෙති. කිඹුලන්, පිඹුරන්, නයින්, පොළඟුන් ඇතුඑ උරගුන් රැසකගේ වාසස්ථානයකි.
ඉබ්බන් විශේෂ පමණක් නොව කැස්බෑවන් ද, වැලි පොළඟා, වැලි පිඹුරාද යාලෙන් වාර්තා වී ඇත. කිඹුලන් 1000 ක් පමණ මෙහි වෙසෙති. මත්ස්‍යයන්, උභයජිවින්, කෘමීන්, මොලස්කාවුන් වැනි සංවේදී සතුන් අතින් ද යාල පොහොසත් ය. ගමේ හැරෙන්නට යාල ජාතික වනෝද්‍යානය මුහුදු රාජලියා, වැව් රාජලියා, සර්ප රාජාලියා, බමුණු පියා උකුස්සා, ලකලු උකුස්සා, කොණ්ඩ රාජලියා වැනි මාංශ භක්ෂකයන්ගේ ද නිවහනක් වෙයි.
|
No comments:
Post a Comment