හක්ගල උද්භිද උද්‍යානය Hakgala Botanical Garden | |
---|---|
වර්ගය | උද්භිද උද්‍යානය |
පිහිටීම | හක්ගල, නුවරඑළිය, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 6°55′00″N 80°46′00″ECoordinates: 6°55′00″N 80°46′00″E |
නඩත්තු කිරීම | කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව |
තත්වය | වසර පුරා විවෘතයි |
ඉදිකිරීම | 1861 |
පිහිටීම
නුවරඑළියේ සිට, නුවරඑළිය-බදුල්ල ප්‍රධාන පාරේ, කිලෝ මීටර 16 ක් පමණ දුරින් උද්‍යානය පිහිටුවා තිබෙයි. උද්‍යානය සහිත භූමි ප්‍රදේශය මුහුදු මට්ටෙම් සිට අඩි 5,400 ක් පමණ ඉහලින් පිහිටා තිබීම නිසා සිසිල් දේශගුණයක් සහිත වෙයි. වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 16° - 30° පමණ අතර අගයකින් විචලනය වෙයි.[3] දෙසැම්බර් සිට පෙබරවාරි අතර කාල සීමාව සිසිල් දේශගුණයක් සහිත වන අතර, අප්‍රියෙල් හා අගෝස්තු අතර කාලය සාපේක්ෂව උනුසුම් වෙයි.
ඉතිහාසය
1861 වසරේ දී ප්‍රථමයෙන්ම මෙම භූමිය තුල සින්කෝනා වගා කිරීම අත්හදා බැලූ අතර, සින්කෝනා වගා කිරීමට වඩා තේ වගා කිරීම සුදුසු වීම නිසා, මේ භූමිය තුල තේ වගාකිරීම අත්හදා බලන ලදී. පසුව 1884 වර්ෂයේදී මෙම භූමිය සංවර්ධනය කරමින් උද්භිද උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී
ජනප්‍රවාද
රාමායනය පුරාවෘත්තයට අනූව, ලංකා රාජ්‍යයෙහි රාවණා රජු ඉන්දියානු දේවියක වූ සීතාව පැහැරගෙන පැමිණ සැඟවූවා යැයි කියන්නේ මේ ප්‍රදේශයේම පවතින සීතාඑලිය තුලයි.[4][5] එම පුරාවෘත්තය සිහිකරමින් ඉදිකෙරුණු සීතා අම්මාන් කෝවිලද, උද්‍යානය ආසන්නයෙන්ම වාගේ පිහිටා තිබෙයි.
No comments:
Post a Comment